රබර් වගාව උතුරු පළාතටත් ව්‍යාප්ත කෙරේ.

රබර් වගාව උතුරු පළාතේද සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා 2011.11.29 දින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගේ උපදෙස් මත, රබර් පර්යේෂණ ආයතනය විසින් 2010 වසරේ සිට වව්නියා, කිලිනොච්චි, සහ මුලතිව් යන දිස්ත්‍රික්ක තුනෙහි පර්යේෂණ වගාවන් සිදු කළ අතර ඒ අනුව රබර් සාර්ථකව උතුරු පළාතේ වගා කළ හැකි බවට දැන් නිගමනය කර ඇත. දැනට දිවයිනේ කොටසකට පමණක් සීමාව ඇති මෙම අතිශයින් ලාභදායී වගාව නැගෙනහිර පළාතට දැනටමත් ව්‍යාප්ත කර ඇති බවත් යුද්ධයෙන් බලපෑම් ලද උතුරු පළාතට මෙය ව්‍යාප්ත කිරීම මඟින් ආර්ථික ප්‍රතිලාභ සමානව බෙදී යන බවත් ගරු අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය රාජ්‍ය නිළධාරීන්, ගොවීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සම්බන්ධවී උතුරු පළාත තුළ රබර් වගා කිරීමේ කටයුතු කරගෙනයාමට පියවර ගනු ලබන බවද ගරු අමාත්‍යතුමා තවදුරටත් පැවසීය.
වගා නොකළ ඉඩම් පිළිබඳ වාර්තාව ජනපති අතට භාරදෙයි.

ප්‍රාදේශීය වැවිලි සමාගම් මගින් පාලනය වන වතුවලට අයත් වගා නොකළ ඉඩම් පිළිබඳ සංගණන වාර්තාව වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා විසින් 2011 අගෝස්තු මස 30 දින අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී.
අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් පරිපාලන දිස්ත්‍රික්ක 11 ක පිහිටි වතු 372 ක සිදුකරන භෞතික සමීක්ෂණයක් පදනම් කරගෙන මෙම වාර්තාව සකස් කර ඇත. සමීක්ෂණ වාර්තාවට අනුව වගා කළ හැකි එහෙත් වගා නොකළ ඉඩම් හෙක්ටයාර් 15,178 ක් පවතින බව අනාවරනය වී ඇත.
|